Friday, January 22, 2010
සින්තටික් ලෝකයේ අතරමං වීම
අද උදේ පාන්දර වැඩට යද්දි අපූරු දෙයක් දැක්කා. බස් එක එනකං බලා ගෙන ඉදිද්දි කොහේදෝ එදන් ආපු සමනලයෙක් තමන්ගෙ සුපුරුදු හැඩ වැඩ ගමනින් බස් ස්ටෑනඩ් එක වටේ කැරකුනා. උදේ පාන්දර ලස්සන සමනළයෙක් දකින එක බොහොම සුබ නිමිත්තකය කියල හිතමින් මම ඌ දිහා ආදරයෙන් බලාගෙන උන්නා. කොහොමත් අද කාලෙ සමනළයෙක් නිකමට හරි දකින එකත් ලොකු දෙයක්නේ. කොහොමින් කොහොම හරි වට දෙක තුනක් කැරකුනු සමනළයා තාර පාර දිහාට ගමන බෑවුම් කරන්න පටන් ගත්තා. ඊළග මොහොතෙ මම බලද්දි ඌ පාර උඩ තිබ්බ ටොෆි කොළයක් උඩ වහලා. කවුරු දෝ විසි කරපු දිලිසෙන නිල් පාට ටොෆි කොළ කෑල්ලට ඌ මලක් කියලා රැවටිලා. සුළු මොහොතකට විතරක් කොළේ උඩ හිටපු සමනළයා ලැජ්ජාවෙන් වගේ වෙන කොහේටද පියාඹගෙන ගියා. ඇත්තටම ඌ එතනින් ගියේ ලැජ්ජාවෙන් නෙමෙයි තරහෙන් බවත් මට ඒ වෙලාවෙ දැනුනේ උත්ප්‍රාසයක් නෙමෙයි බරපතල ශෝකයක් බවත් මගේ හදවත මට කතා කරලා කිව්වා.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment